ප්‍රමුඛ පුවත 1

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු දීමනා ඉහළට

(UTV| කොළඹ) – ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කර තිබේ.

මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

පසුගිය වසර 20 ක කාලයක් තුල මෙම දීමනා බොහොමයක් කිසිදු වැඩිවීමක් කර  නොතිබූ බැවින් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් වෙත ගෙවනු ලබන දීමනා වැඩිකර තිබේ.

ඒ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය 2019 යෝජනාවේදී පොරොන්දු වී තිබුණි.

ත්‍රිවිධ හමුදාවන්ගේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව 2019 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි  රු. 23,231 දක්වාද, සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රු. 19,350 දක්වාද වැඩිකර තිබේ.

මෙම සලාකයට ඇතුළත් ආහාර ද්‍රව්‍ය ලේඛනය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමෙන් පසුව කරන ලද ගණනය කිරීමෙන් අනතුරුව මෙම දීමනා වැඩිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය පසුගිය සතියේදී ලබා දී ඇත.

මේ අතර ත්‍රිවිධ හමුදාවට ගෙවනු ලබන පහත සඳහන් දීමනා 2019 ජූලි 01 දා සිට ක්රිනයාත්මක වන පරිදි වැඩි කරනු ලබයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කර ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකා නාවුක හා ගුවන් හමුදාවල සමාන නිලධාරීන්ද ඇතුළත් කොමාන්ඩෝ දීමනාව මසකට රු. 1000 සිට රු. 5000 දක්වා වැඩි කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාර නිසා වෙසක් කලාප වලටත් බලපෑම්

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් කොළඹ අපරාධ කොට්ඨාශයට [VIDEO]

Mohamed Dilsad

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment