ප්‍රමුඛ පුවත 1

අද අධිකරණයේ ස්වාධීනත්වය වගේම මාධ්‍ය නිදහස රකිනවා – අධිකරණ ඇමතිනිය කියයි

(UTV| රත්නපුරය) – අද වනවිට අධිකරණයේ ස්වාධීනත්වය වගේම මාධ්‍ය නිදහසද අපි ආරක්ෂා කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ වැඩ සටහන යටතේ රුපියල් ලක්ෂ 770 ක් වැය කරමින් ඉදිකළ බලංගොඩ කල්තොට කිවුලලන්ද වළවේ ගඟ හරහා මැද බැද්ද ගම්මානය යා කෙරෙන පාලම විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“මේ සංවර්ධන වැඩ කරන කොට අපට කරන ලොකුම චෝදනාව තමයි මේ පිළිබදව ප්‍රචාරක වැඩ සටහනක් නැහැ කියලා. වසමකට රුපියල් ලක්ෂ 770 ක් ගෙනාපු ආණ්ඩුවක් එහෙම ඉතිහාසයේ තිබුණා කියලා මම හිතන්නේ නැහැ .බලංගොඩ මැතිවරණ කොට්ඨාශයට ලක්ෂ විසි පන්දහසකට වැඩිය වැඩ කොටසක් මේ කෙටි කාලය තුළ කරලා තියෙනවා .අවුරුදු 20 ක් නොකළ වැඩ අවුරුදු තුන හමාරක් තුළ අපි කලා.අපි මේවා කරන කොට සමහර අය ඒවා දැක්කේ නැහැ. ඇහුනේ නැහැ වගේ ඉන්නවා .මේ ආණ්ඩුව නොයෙක් විදිහේ ප්‍රශ්නවලට මුහුණ දුන්නා.ස්වාභාවික විපත් ආවා. ගංවතුර ආවා .නාය ගියා. කොස්ගම පිපිරුවා ඊයේ පෙරේදා බෝම්බ පිපිරුවා.අපිටත් ඉතිං මේවා කියලා ඉන්න තිබුණා.හැබැයි අපි සංවර්ධනය නවත්වන්නේ නැහැ.මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට කොන් කරලා තිබ්බා.එයා කැමැත්තෙන් ඡන්දය තිබ්බේ නැහැ .හැබැයි අපි මේ ඔක්කොම වෙනස් කලා.අවුරුදු 20 ක් තිස්සේ මේ රටට මොනවාද හරියට කළේ .

කොන්ක්‍රිට් කෑල්ලක් දාන්ඩ ලක්ෂ 5 ක් ගියා නම් ලක්ෂ 2 න් වැඩේ කරලා ඉතිරි ටික හොරකම් කළා.අද එහෙම නැහැ සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා.අපි රටේ සම්පත් හොරා කාලා ජනතාව පීඩාවට පත් කරන්නේ නැහැ.

77 ඉදලා 94 වෙනකල් කළ වැඩ වලින් තමයි 94 ඉදලා 2015 වෙනකල් හිටියේ.77 ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා පාසල් පොත් ටික දුන්නා.ප්‍රේමදාස මැතිතුමා පාසල් නිල ඇදුම් දුන්නා .ඇගලුම් කර්මාන්ත මේ රටට ගෙනාවා.ඒ කාලතේ යුද්ධය තිබුණා.අද කට ඇරපු ගමන් බනින්නේ අගමැතිතුමාට.එතුමා තමයි මේවාට සල්ලි දීලා තියෙන්නේ.මේ හැම සංවර්ධන වැඩකටම නායකත්වය දෙන්නේ අපේ අගමැතිතුමා. .මොකද අගමැතිතුමා හිටියොත් මේ ආණ්ඩුව පෙරළන්න බැහැ කියලා දන්නවා.ඔක්තෝම්බර් 26 අපේ ආණ්ඩුව පෙරලන්න හැදුවා.ඒත් අපි අධිකරණය ස්වාධින කරලා තිබුණා.මෙහේ මත් කුඩු තියෙනවා කියලා කියනවා අපිට තත්වයක් තරාතිරමක් නැහැ ඒවාට යටත් වෙච්ච මත් කුඩු වලට යටත් වුනු ලොකයක් තමයි 2015 ජනවාරි 08 වෙනිදාට කලින් තිබුණේ.

පහුගිය කාලයේ සමෘද්ධිය දුන්නේ සමෘද්ධි නිලධාරීයාගේ අවශ්‍යතාවයට.අද අධිකරණයේ ස්වාධීනත්වය වගේම මාධ්‍ය නිදහස අපි ආරක්ෂා කරලා තියෙනවා.මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේදි කිවුවා යුද්ධයේ උච්චතම අවස්ථාවේදීවත්  මේ වගේ මාධ්‍ය ආයතන මර්දනය කළේ නැහැ කියලා මාධ්‍ය ආයතන මර්දනය කළේ නැහැ මැරුවා උස්ස ගෙන ගියා .අද ඒවාට නීතිය ක්‍රියාත්මක වෙනවා.ලසන්තව මැරුවා.එක්නැලිගොඩලා උස්ස ගෙන ගියා . මම කියපු කෑල්ලක් අල්ල ගෙන මට ගහන්න පටන් අරන් තියෙනවා.මම ඒවාට සැලෙන්නේ නැහැ.අපි කරන දේ අපි කරනවා.රත්නපුර දිස්ත්‍රික්කයේ කවුරු හරි මට කිවුවොත් එහෙම ඔයා මෙහෙමයි කියලා මම පිළි ගන්නවා .ඒ අයගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන්න සුදානම් නැහැ.අද මාධ්‍ය නිදහස තියෙන නිසා තමයි මේවා කියන්නේ.අද රජයේ මාධ්‍ය සමබරව යද්දි පුද්ගලික මාධ්‍ය අපිට ගහන්න පටන් අරන් තියෙනවා.මේ ඔක්කොම යහපාලනය නිසයි. හැබැයි බැරි වුණා.ගමේ ඉන්න සමෘද්ධියාට විතරක් පාලනය කරන යුගයක් අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ගෙනිච්ච සුදු වෑන් සංස්කෘතිය ඒකාධිපති වියරුව පවුලේ අය විතරක් බෙදා හදා ගෙන කාපු යුගයක් ඇති වෙච්ච නිසා තමයි එදා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පක්ෂ මහ ලේකම්වරයා හැටියට එළියට බැස්සේ වෙන දෙයක් නිසා නෙවෙයි.වෙන අයට ඒකේ අවස්ථාවක් තිබුණේ නැහැ.මේක අර කොහොමද කියලා රජ්ජුරුවන්නේ කාලයේ ඉදලා එතුමා මගෙන් පස්සේ මල්ලීට මල්ලීගෙන් පස්සේ පුතාට මල්ලීගෙන් පස්සේ පුතාට දෙනවා ද නැද්ද කියලා තීරණයක් නැති නිසා අද එතන තාම මල්ලියි අයියයි දැන් කථා කර කර ඉන්නවා.ඇමෙරිකාවේ නෙවෙයි ඕන තැනකින් එන්න අපිට ඒවාට බය නැහැ.අපි ඒවාට මුහුණ දෙනවා.අපි මැතිවරණ කරන්නේ තමුන්නාන්සේලාට යටත් කරන්න මිසක් ඔය කරපු දේවල් කරන්න නෙවෙයි යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අද යාපනයට

Mohamed Dilsad

රටවල් කීපයක තානාපතිවරුන් සහ ජනාධිපති අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

රාගම කොල්ලයේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment