ප්‍රමුඛ පුවත 1

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විරෝධතාවක

(UTV| කොළඹ)  – සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විරෝධතාවක නිරතවූහ.

අද(27) පෙරවරුවේ එහි සේවකයින් පිරිසක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට මාර්ගයේ ටයර් පුළුස්සමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත වූ බව අප වාර්තාකරු පැවසීය.

කම්හල් පෞද්ගලීකරණය කිරීම සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති පනතකට එරෙහිව සේවකයින් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ජාතික සේවක සංගමය, ප්‍රගතශීලි සේවක සංගමය සහ අන්තර් සමාගම් සේවක සංගමය යන වෘත්තීය සමිති හතරක එක්ව සිටි බවද වාර්තා වෙයි.

එසේම සීනි කම්හල අසල මේ වන විට කම්හල ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල අට්ටාලයක් සිටවා පිරිසක් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ රැසක විදිලිය බිඳ වැටෙයි

Mohamed Dilsad

හිටපු ගුවන් සේවා ඇමතිට සහ ඔහුගේ ලේකම්ට නඩු

Mohamed Dilsad

උත්සව සමයේදී සහල් සඳහා උපරිම මිලක්

Mohamed Dilsad

Leave a Comment