ප්‍රමුඛ පුවත 1

පාසැල් සිසුන් අතර සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙලක්.

(UTV| කොළඹ) – පාසැල් සිසුන් අතර සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර ගෙන තිබෙන බව ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.ජයසිංහ මහතා පවසයි.

මෙම වැඩසටහනෙහි මුලික අරමුණ වුයේ ජාතික සමගිය හා සංහිඳියාව සම්බන්ධ ශිෂ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කරන අධ්‍යාපන අමාත්‍යංශය, සංහිඳියා කාර්යාංශය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා විවිධ ආගමික සංවිධාන අධ්‍යාපනික ආයතන නියෝජිතයන්ගේ සැදුම්ලත් පාර්ශවකරුවන් සමග ප‍්‍රස්තුත කාරණය සම්බන්ධ අදහස් හුවමාරු කිරීම සහ එකගත්වයකට එළඹීමයි.

මෙහි ඉදිරි ක්‍රියාමර්ග ගත යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ වැඩසටහනක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධානීන්, මහා සංඝරත්නය ඇතුළු ආගමික පුජකවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් ගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවැත්වුණි.

සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස්වලට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක‍්‍රියාත්මක කරනු ලබන සංහිඳියා වැඩසටහන් සම්බන්ධව ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍යවේ ද? වැඩසටහන් අන්තර්ගතය සංවර්ධනාත්මකව කෙසේ සිදුවිය යුතු ද? පාසල් හා ආශ‍්‍රිත ප‍්‍රජාවගේ විශ්වාසය තහවුරු කරගත හැකි ක‍්‍රියාමාර්ග කවරේ ද? ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධව සෑහීමකට පත්විය හැකි ද? යන කරුණු පිළිබද මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

Mohamed Dilsad

බගවන්තලාවේ ඇළ මාර්ගයකින් හමුවු මැණික් ඉල්ලම් තොගය වෙන්දේසි කෙරේ

Mohamed Dilsad

රුපියල් ලක්ෂ 157ක මුහුණු ආලේපන තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment