ප්‍රමුඛ පුවත 1

සමාජ ජාල පරිහරණයේදී වැඩි අවධානයකින් ක්‍රියා කරන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

(UTV| කොළඹ) – පසුගිය දවස්වල සිදුවූ යම් සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක් වාර්තා වී ඇති බවත් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙසත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,

“සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා. එයට හේතුව වන්නේ ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක්ම වාර්තා වී තිබෙනවා.

ජාතින් අතර අසමගිය, වෛරය ඇති කිරීමේ අදහසින් එවැනි පැරණි සිද්ධීන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසා සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේ දී ඒ පිළිබඳව අවධානයකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.“

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආපදාවට ලක්වූ ප්‍රදේශ වල පාසල් ලබන 02 වනදා දක්වා වැසේ

Mohamed Dilsad

තමා කිසිඳු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නගන්නෑ -ජනපති

Mohamed Dilsad

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment