ප්‍රමුඛ පුවත 1

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග සහයෝගීතා ගිවිසුමක්

(UTV| කොළඹ)   – දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීයාව අතර සහයෝගීතා ගිවිසුම ඊයේ (28) කොළඹ දී අත්සන් කරනු ලැබුවා. ඒ අනුව,  කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ගෝලීය වෙළඳ ජාලය තුළ කොළඹ වරායේ ස්ථායිතාව පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා රජය සමග ඉන්දියාව සහ ජපානය එක්වී කටයුතු කරනු ඇත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවට පසුගියදා රොයිටර් පුවත් සේවය කළ අනාවරණය කල අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී තිබු අතර මේ පිළිබඳව අවසන් තීරණය ගැනීම සති දෙකකට කල් දැමුණු බවයි වාර්තා විය.

එමෙන්ම මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර අවසාන කෙටුම්පත නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම් වලින්  සීයට හැත්තෑවක් පමණ ඉන්දියාවට සම්බන්ධව සිදු කරයි.

පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන අතර යෝජිත පර්යන්ත මෙහෙයුම් සමාගම විසින් සිදුකරන සියලුම මෙහෙයුම් වලින් සීයයට 51ක කොටස් ශ්‍රී ලංකාව සතුවනවා.එහි හවුල් පාර්ශවයන්ට මිළදී ගතහැකි කොටස් ප්‍රමාණය සීයයට 49කි.

ඒකාබද්ධ ක්‍රියකාරී කණ්ඩායම රැස්වී අත්සන් කරනු ලැබූ සහයෝගීතා ගිවිසුමේ කරුණු ප්‍රකාරව රාජ්‍යයන් ත්‍රිත්වයම එක්වී ඉදිරි කටයුතු සිදුකොට නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් හැකි වහාම ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් “නැණ ශක්ති” වැඩසටහනට එක්වෙයි

Mohamed Dilsad

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ජාතික චිත්‍රපට සංස්ථාවට පැවරූ අතුරු තහනම් නියෝගය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment