ප්‍රමුඛ පුවත 1

මිනුවන්ගොඩ සහ නාත්තන්ඩියේ කලහකාරී සිද්ධීන් වලට සම්බන්ධ පිරිස් ඇප මත නිදහස්

(UTV| කොළඹ)  – මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවන් 15 දෙනෙකු අප මටත් මුදා හැරේ .

අද ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මෙලෙස මුදා හැර තිබේ.

කෙසේ වෙතත් මෙම සැකකරුවන්ට දණ්ඩ නීති සංග්‍රහයේ විධි විධානවලට අනුව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකරුවන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇත.

ඒ ඔවුන් මෙම සිද්ධීන්වලට සම්බන්ධ නොවන බවට අධිකරණයේ කරුණු අනාවරණවීම හේතුවෙනි.

මේ අතර පසුගියදා නාත්තණ්ඩිය කොස්වත්ත ප්‍රදේශයේ ඇති වු කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 31 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

මාරවිල දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම පිරිස වෙත ඇප ලබා දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කථානායකගෙන් විශේෂ නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

ආගමන හා විගමන නිලධාරින් ජනපති හමුවෙයි

Mohamed Dilsad

හිටපු ජනපතිට එරෙහිව නොතීසි නිකුත් කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment