ප්‍රමුඛ පුවත 1

අනවසර වැලි කැනිම් සිදු වන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක්.

(UTV| කොළඹ) – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වැටලිම සඳහා භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව පැවසුවේ  ඒ සඳහා නාවික හමුදාව සහ වලාන දුෂණ මර්ධන ඒකකයේ සහාය ලබා දීමට කටයුතු කර තිබෙන බවයි.

මෙහි අරමුණ වන්නේ වැලි කැණිම් කටයුතු සිදු කිරීමෙන් සිදු වන පරිසර හානිය අවම කර ගැනීම වේ.

ඒ අනුව අද (30) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ අනවසර වැලි කැනිම් කටයුතු වැටලිම සඳහා මෙම මෙහෙයුම් සිදු කරන අතර, එහිදී වැලි කැනිම් කටයුතු සිදු කරනු ලබන ස්ථාන හා ඒ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර පරික්‍ෂා කිරීමද සිදු කරයි.

මෙහිදි ත්‍රිකුණාමලය, උප්පාරු පාලම අසල බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා ‍සේරුනුවර, පොලිසිය වෙත භාර දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පවතින නියගයෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට පීඩා

Mohamed Dilsad

කෝටියක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

Mohamed Dilsad

Leave a Comment