ප්‍රමුඛ පුවත 1

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස රාජිත සේනාරත්න යලි පත්වේ.

(UTV| කොළඹ) – ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (29) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න 2019 – 2020 වර්ෂ සදහා එම සංවිධානයේ උප සභාපතිවරයෙකු ලෙස යළිත් වරක් තේරී පත්වී ඇත.

මීට පෙර 2017 වසරේ දී ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට පත්වූ අතර ඔහු එම සංවිධානයේ විධායක කමිටු සාමාජිකයෙකු ද වෙයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

වෑන් රථයක් පෙරළීමෙන් 11 කු රෝහලේ

Mohamed Dilsad

ජපානයට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment