ප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රේලියාවට යාමට තැත්කල ලාංකිකයන් පිරිසක්ව පිටුවහල් කෙරේ .

(UTV| කොළඹ) – නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් නැවත ශ්‍රී ලංකාවට පිටත් කර ඇති බව වාර්තා වේ.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස රැගත් නීති විරෝධී යාත්‍රාව ඔස්ට්‍රේලියාවට පැමිණෙමින් තිබියදී අතර මගදී එය හසුකරගෙන ගැනීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශ සමත්වී තිබේ.

එම යාත්‍රාවේ සිටි පිරිස අතරේ කුඩා බිළිඳෙකු ද සිටි බව The Australian පුවත්පත වාර්තා කරයි.

සරණාගත රැකවරණය පතා පැමිණි බව පැවසෙන මෙම පිරිස දින කිහිපයක් Christmas දූපතේ රඳවා තබා අනතුරුව ඊයේ (29/05) දිනයේදී විශේෂ ගුවන් යානයකින් ඔවුන් කොළඹ වෙත පිටත් කළ බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආයෝජන මණ්ඩල සභාපතිවරයා ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

අපනයන මත්ස්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන වෙනසක්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අද අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment