ප්‍රමුඛ පුවත 1

පුජීත්ට හා හේමසිරිට එරෙහිව නීතිපතිවරයා පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව පොලිස්පති පුජීත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ලියනගේට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට නීතිපතිවරයා අද (31) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුත් නඩු කටයුතු බැවින් ඒවා විභාග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පහක් හෝ ඊට වැඩි දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා මෝසමක් ගොනු කරන බව නීතිපතිවරයා වෙනුවට අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජාමිල් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවාය.

ඒ අනුව මෙම පෙත්සම් විභාගය ජූනි මස 06 දා නැවත කැදවීමට විනිසුරු සිසිර ද ආබෲ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ.

මෙම වගඋත්තරකරුවන්ට නීතිපතිවරයා පෙනී නොසිටින බවට මීන් පෙර අධිකරණයට දැනුම් දී තිබු අතර, ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය වෙනුවෙන් පුද්ගලික නීතිඥවරු දෙදෙනෙකු අද (31) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞඛ්‍ය ආරක්ෂිත දන්සැල් ගැන දැනගන්න දුරකතන අංකයක්

Mohamed Dilsad

රනිල් ජනාධිපතිවරණයට එන පුවත ගෝඨා පාර්ශවයේ නිර්මාණයක් ඇමති මංගල කියයි[VIDEO]

Mohamed Dilsad

ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී නැවතත් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment