(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තුව අද(21) පස්වරුවේ යළි රැස්වීමට නියමිතය.
පස්වරු 1.00ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව අද දිනයේ ඒකාබද්ධ විපක්ෂය විසින් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවේ.
මෙම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.