ප්‍රමුඛ පුවත 1

උපතේදිම ජාතික හැඳුනුම්පත් අංකය

 

(UTV – කොළඹ) – උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු සාධක වන බවද, දඹුල්ල  මහ නගර සභාව යටතේ දිගම්පතන රක්ෂිතයේ ඉදිකළ කසළ ප්‍රතිචක්‍රීකරණ  අංගනය විවෘත කිරීමට ඊයේ (01) පස්වරුවේ එක්වෙමින් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

එසේම ශ්‍රී ලංකාව නිසියාකාර හැදුනුම්පතක් හදා ගැනීමට නොහැකි රටක් බවට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

පසුගියදා බෝම්බ පිපුරූ සිද්ධියේ මියගිය අයට එකම අංකයට නම් දෙකකට හැඳුනුම්පත් නිකුත් කර තිබුණු බවත් ඔහු පෙන්වා දුන් අතර නිසියාකාර හැදුනුම්පතක් සකස් කර ගතහොත් ජාතියක් හැටියට ආරක්ෂාවක් සපයන බවද ඔහු කීවේය.

ඒ අනුව මින් ඉදිරියට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පුද්ගලයකුට උපතේදීම හැදුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහන යටතේ උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීම සිදු කරන බව කීවේය.

එසේ ලබා ගන්නා හැඳුනුම්පත හරහා ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය ආදී රජයේ ලියකියවිලි බලපත්‍ර විවිධ අවහිර වීමකින් තොරව ලබා ගැනීමට හැකිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩයිම් ලකුණු නිකුත් වෙයි

Mohamed Dilsad

විරෝධතාවයේ නිරත සරසවි සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවට සහභාගී වන දූත පිරිස ඇමති රිෂාඩ් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment