ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායක සහ අගමැති අතර හමුවක්

(UTV| කොළඹ)  – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද (03) අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ නායකයින් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

විශේෂයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහන පැකේජයක් ලබාදීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් බව කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී හෙට (04) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට ආරක්ෂාව සහ ආර්ථීක තත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙම විශේෂ ප්‍රකාශයෙන් කරුණු හෙළි කරනු ඇති බව සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිවසක් මතට ගසක් කඩා වැටී තිදෙනෙක් මරුට

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක්

Mohamed Dilsad

ඉන්දීය ධිවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරිමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment