ව්‍යාපාරික

දිවා ඉඩමේ වාසනාව අටවන අදියරේ ජයග්‍රාහකයින් මෙන්න

(UTV| කොළඹ)  – පාරිභෝගික සිහින සෑබෑ කරන “දිවා ඉඩමේ වාසනාව”8 වන තරඟයෙන් ජය ලැබු තිදෙනෙකුට ඉඩම් හිමි කර දීම ඊයේ(30 )කොළඹ දී පැවැත්වුණි.

එහිදී පලමු ජයග්‍රාහිකාව වන්නේ අනුරාධපුරයේ සුචිත්‍රා සෙව්වන්දි මහත්මියයි. දෙවන ජයග්‍රාහකයා වුයේ පන්නිපිටියේ ඩබ්ලිව්.ජේ.ප්‍රනාන්දු මහතා යි.

තෙවන ජයග්‍රාහිකාව වුයේ බොරැල්ලේ එච්.ඒ.කේ.චමිලා කුමාරි මහත්මියයි.

අටවන වරටත් පැවැත්වූ දිවා ඉඩමේ වාසනාව තරඟයේදී ඉඩම් කැබලි තුනක් පිරිනැමීමට අමතරව තවත් මුදල් ත්‍යාග 90ක් ප්‍රධානය කළේය.

වසර 08 ක කාලය තුලදී දීවා “ඉඩමේ වාසනාව ” තරඟය මගීන් ඉතාමත් වටිනා ඉඩම් කැබලි 28 ක් මේ වන විට වාසනාවන්ත ජයග්‍රාහකයින් වෙත ප්‍රදානය කර ඇති බව හේමාස් මැනුෆැක්චරිං සමාගමේ අලෙවිකරණ අංශයේ සාමාන්‍යාධිකාරී, ඩෙරික් ඇන්තනී මහතා පවසයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර දිනයේ පටන් මේ දක්වා මුදල් ත්‍යාග 590 කට වැඩි ප්‍රමාණයක්, රන්කාසී 54 ක් සහ යතුරු පැදි, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ මහන මැෂින් ඇතුළු ඉතාමත් වටිනා ත්‍යාග රැසක් ද පාරිභෝගිකයින් වෙත දීවා ආයතනය විසින් ලබා දී තිබෙන බව හෙතෙම පැවසිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ද ෆිනෑන්ස් ආයතනයේ බලපත්‍රය අවලංගු කරයි

Mohamed Dilsad

ලංකා IOC ලාභ 40 % කින් ඉහළට

Mohamed Dilsad

රට පුර පොහොර බෙදා හැරීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment