ප්‍රමුඛ පුවත 1

සෑම රාජ්‍ය ආයතනයකටම බලශක්ති කළමණාකරුවකු පත් කිරීමට පියවර

(UTV| කොළඹ) – ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව රාජ්‍ය ආයතනයන්හි බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ  කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදීම තුළින් රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබදව පෙළඹවීමක් මෙන්ම යොමුකරවීමක් සිදු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.

මිට අමතරව සෑම රාජ්‍ය ආයතනයකටම බලශක්ති කළමණාකරුවකු බැගින් පත් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම කළමණාකරුගේ සහය සඳහා බලශක්ති සංරක්ෂණ කමිටුවක් පිහිටුවීමටද නියමිතව ඇත.

මෙම වැඩසටහන මගින් වාර්ෂිකව ගිගාවොට් පැය 300 ක බලශක්තියක් ඉතිරිකර ගැනීමට අපේක්ෂිත බවත් එය ශ්‍රී ලංකාවේ දින දහයක සමස්ත විදුලි ඉල්ලුමට සමාන වන බවත් අමාත්‍යාංශය නිවේදනය කළේය.

මේ ඔස්සේ රජයේ කාර්යාලවල පෙර වර්ෂයට සාපේක්ෂව 10 % කින් විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීම ඉලක්කය බවද විදුලි බල අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“රජයට සහය දීමේ තීරණයේ කිසිදු වෙනසක් නෑ” දෙමළ ජාතික සන්ධානය

Mohamed Dilsad

මරණ දඬුවම කිසිසේත් පිළිගත නොහැකියි – පාප්වහන්සේ කියයි

Mohamed Dilsad

2017 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment