ක්‍රීඩා

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

(UTV| කොළඹ)  – ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම  ඊයේ (04) සහභාගිවූ සිය දෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජයට පත්කරමින් ලකුණු 35ක ජයක් ලැබුවේය.

ශ්‍රී ලංකා පිලට දිමුත් කරුණාරත්න ලකුණු 30ක්ද , කුසල් පෙරේරා ලකුණු 78ක්ද ලබාගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 92ක් එක්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

මැද පෙළ පිතිකරුවන් අසාර්තකවීම නිසා පන්දුවාර 36.5 කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 201කි.

තරගයට වර්ෂාව හරස්වීම නිසා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගන් පිල පන්දුවාර 32.2කදී සියලුදෙනා දවාගනිමින් ලකුණු 152 කට සීමා කිරීමට ලසිත් මාලිංග (3/23) හා නුවන් ප්‍රදීප් (4/31) ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

නජිබුල්ලා සද්‍රන් (43) ඇෆ්ගන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේය.

මෙම තරගයේදී සිය එක්දින දිවියේ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රි ලංකා පිතිකරු ළහිරු තිරිමාන්න සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 3000 සීමාව පසුකර ගිය 16 වැනි පතිකරුවා වන්නේ ළහිරු තිරිමාන්නය.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී පන්දුයවන්නන් අතර පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ලසිත් මාලිංග අද සමත් විය.

මාලිංග මේ වන විට ලෝක කුසලාන ඉනිම් 23කදී කඩුලු 46ක් දවා ගැනීමට සමත්ව තිබේ.

මෙම සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ඉනිම් 39කදී කඩුලු 71ක් දවා ගත් ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත් වන අතර, ඉනිම 39කදී කඩුලු 68ක් දවා ගත් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට මෙහි දෙවැනි ස්ථානය හිමි වී ඇත.

ඉනිම 36කදී කඩුලු 55ක් දවා ගත් පාකිස්තානයේ වසීම් අක්‍රම් මෙහි තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් සුපිරි වේග පන්දු යවන්නෙකු වන චමින්ද වාස් මෙහි සිව්වැනි ස්ථානය හිමිකරගෙන සිටින්නේ ඉනිම 31කදී කඩුලු 49ක් දවා ගනිමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LPL තරඟ පාවාදීමේ සිද්ධියකට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අධිකරණයට

Mohamed Dilsad

කාසියේ වාසිය නෙදර්ලන්තයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පිළේ හිටපු වොලිබෝල් නායකයාගෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක්

Mohamed Dilsad

Leave a Comment