ප්‍රමුඛ පුවත 1

ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයේ රටවල්වලින් ඒකාබද්ධ ප්‍රකාශයක්

(UTV| කොළඹ)  – මුස්ලිම් ජන කොට්ඨාසය ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයේ (Organisation of Islamic Cooperation) රටවල්වල ශ්‍රී ලංකාවේ ඇති මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාල වෙත  ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙරට සිදු කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා, කලාපීය සහ ගෝලීය ආරක්ෂාව කෙරෙහි බලපෑම් කරනු ඇති බවයි.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ මුස්ලිම් ජනතාව සහ ඇතැම් මුස්ලිම් සරණාගතයින්ගේ ආරක්ෂාව පිළිබඳව එල්ල වූ තර්ජන පිළිබඳව කණගාටුවට පත් වන බව ද ඔවුන් පවසයි.

ශ්‍රී ලංකාවේ ඈත ගම්මානයක සිදුවන ඉතා කුඩා සිදුවීමක් පවා අන්තර්ජාලය ඔස්සේ දැවැන්ත සිදුවීමක් ලෙස හුවා දක්වමින් කෙරෙන ප්‍රචාරයක් මහා ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කිරීමේ අවදානමක් ඇති කරන බව ද එම ප්‍රකාශයේ සඳහන් වේ.

මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වමින් නිසි පියවර ගන්නා ලෙස ඔවුන් සිය ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

OIC කමිටුව යනු 1969 දී ආරම්භ කරන ලද අන්තර්ජාතික සංවිධානයකි. එය සාමාජික රටවල් 57 කින් සමන්විත වන අතර එය 2015 වසර වන විට බිලියන 1.8 කට වැඩි පිරිසකගේ එකතුවකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය කියන කතා වලට හිනා යනවා – පුබුදු [VIDEO]

Mohamed Dilsad

මාර්ග,ඛනිජ තෙල් සහ විදුලිබල අමාත්‍යාංශ වල වැය ශීර්ෂ අද විවාදයට

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment