ප්‍රමුඛ පුවත 1

ජගත් පරිසර දිනයයි

(UTV| කොළඹ)  – ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි මස 30 සිට අද(05) දක්වා ගෙවුණු සතිය ”ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විසින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවා තිබුණි.

මැයි 30 වනදා පරිසරය පවිත්‍ර කිරිමේ හා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙසත්, මැයි 31 වනදා වායු දූෂණය හා අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත්, ජූනි 01 වනදා රුක් රෝපණ දිනය ලෙසත්, ජූනි 02 වනදා ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත් නම් කර දීප ව්‍යාප්තව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර ජූනි 03 වන දින ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙසත්, ජූනි 04 වන දින තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙසත් ප්‍රකාශයට පත් කරමින් වැඩසටහන් සංවිධානය කර තිබුණි.

අද වන විට වායු දූෂණය මිනිසාගේ සෞඛ්‍යයට ප‍්‍රබල තර්ජනයක් එල්ල කර තිබේ. මේ වන විට ලෝක ජනගහනයෙන් පුද්ගලයන් දහ දෙනෙකු අතරින් නව දෙනෙකුම ජීවත් වනුයේ, ජීවත් වීමට සුදුසු වාතාශ‍්‍රයකින් යුතු පරිසරයක නොවන බව සොයාගෙන තිබෙන අතර, නවතම සොයාගැනීම අනුව අපිරිසිදු වාතය ආඝ‍්‍රාණය හේතුවෙන් ලොව පුරා වසරකට මිය යන පිරිස මිලියන 07 කට ආසන්න බව ඇස්තමේන්තු කර ඇත. මෙසේ මිය යන පිරිසෙන් මිලියන 04ක පමණ ප‍්‍රමාණයක් ආසියානු හා ශාන්තිකර කලාපීය රටවල්වලින් වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මෙවර පරිසර දින තේමාව ˝ වායු දූෂණය˝ ලෙස නම් කර තිබේ.

වායු දූෂණය ස්වභාවිකව වෘක්ෂලතා මඟින් අවම කරන අතර, රට තුළ සුවදායී පාරිසරික තත්ත්වයක් ඇති කිරීමෙහිලා ප‍්‍රශස්ත වන ආවරණයක් පවත්වාගෙන යෑම බෙහෙවින්ම උපකාරී වේ. එබැවින්, මෙවර පරිසර දිනය ශ‍්‍රී ලංකාව සමරනු ලැබුවේ ˝තිරසර වන කළමනාකරණයක් මඟින් වායු දූෂණය අවම කිරීම˝ යන තේමාව යටතේ යි. ඒ වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පසුගිය 03 වන දා ජනාධිපති මන්දිර පරිශ්‍රයේ කිරිපළු පැළයක් රෝපණය කිරීම සිදු විය.

රටක් වශයෙන් මුහුණ දෙමින් පාරිසරික අභියෝගයන් ජයගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට අමතරව පාරිසරික ඇමැතිවරයා ලෙස පසුගිය සිව් වසර පුරා දැරූ උත්සාහය ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන්ද පැසසුමට ලක්ව ඇත. මෙරට තුළ පරිසර සුරක්ෂාව වෙනුවෙන් කරන ලද මෙහෙයත් ආසියාකරය ඒ වෙනුවෙන් උනන්දු කරවීමත් ජනාධිපතිවරයා ජාතික මෙන්ම අන්තර්ජාතික පරිසරවේදීන්ගේ ඇගයීමටද ලක්විය.

පරිසර සංවේදී ප්‍රජාවක් බිහි කිරීම වෙනුවෙන් පරිසර විෂය භාර අමාත්‍ය‍වරයා ලෙස ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ පාසල් දරුවන්, රාජ්‍ය සේවකයන් සහ පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩසටහන් රැසක් මෙම සතිය පුරාම ක්‍රියාවට නංවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන විශේෂ නියෝජිත පිරිසක් අගමැති හමුවෙයි

Mohamed Dilsad

නීති විරෝධී දුම්වැටි තොගයක් පිළිස්සීමට පියවර

Mohamed Dilsad

කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි[VIDEO]

Mohamed Dilsad

Leave a Comment