ප්‍රමුඛ පුවත 1

ඒකල වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු මරුට

(UTV| කොළඹ)  – ජාඇළ – ඒකල මහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඔහු ක්‍රිෂාන්ත අජිත් කුමාර හෙවත් මිනුවන්ගොඩ කළු අජිත් ලෙස හඳුනාගෙන තිබේ.

ඊයේ පස්වරු 7 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

කළු අජිත්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඒකල මහ පන්සල නම් විහාරස්ථානයට පිටුපස මාර්ගයේදී තවත් පුද්ගලයෙකු සමග සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනා මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය

වෙඩි ප්‍රහාරයෙන් කළු අජිත් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ, අත්තනගල්ල සහ පොළොන්නරුව යන අධිකරණවලින් වරෙන්තු නිකුත්ව සිටි අයෙක් බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අග්‍රාමාත්‍යවරයා සහ එරික් සෝල්හයිම් අතර සාකච්ඡා

Mohamed Dilsad

කොළඹ සෙබස්තියන් සිංහල විදුහලේ දරු දැරියන් ගුරුවරුන්ට උපහාර පුදයි

Mohamed Dilsad

මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම ගැන මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්.

Mohamed Dilsad

Leave a Comment