විදෙස්

ඇමෙරිකානු ඔත්තු සේවය ජනපති ට්‍රම්ප්ට එරෙහි වෙයි

(උදයම්,ඇමෙරිකාව ) – ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ 2016 ජනධිපතිවරණයේදී රුසියාව ඊට බලපෑම් සිදුකළේ ද යන්න පිළිබදව පරීක්ෂණයක් ක්‍රියාත්මක බව FBI ඔත්තු සේවාව තහවුරු කරයි.

ඒ ඊයේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල බුද්ධි කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

FBI ඔත්තු සේවාවේ අධ්‍යක්ෂ ජේම්ස් කොමේ එහිදී කියා සිටියේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් කෙරෙහි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි වෛරයකින් පසුවූ බවය. මේ නිසා ඇගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අඩපණ කරන ලෙස ජනපති පුටින් නියෝග කර තිබූ බව ඔහු පවසා තිබේ.

ඊයේ කොංග්‍රස් බුද්ධි කමිටුව හමුවේ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානියා වන අද්මිරාල් මයික් රොජර්ස් ද  සාක්ෂි ලබා දුන්නේය.

ඔහු , ජනපති ට්‍රම්ප්ගේ දුරකථන සංවාද වලට රහසිගතව කන්දෙන ලෙස ඔබාමා පරිපාලනය නියෝග කළේ යැයි ජනපති ට්‍රම්ප් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

Related posts

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්ම වන බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

එක්සත් ජනපද හමුදාව වුහාන් වෙත කොරෝනා රැගෙන ආ බවට චීනයෙන් චෝදනාවක්

Mohamed Dilsad

චීනයේ කොරෝනා වෛයිරසයෙන් මියගිය සංඛ්‍යාව 80ක් වෙයි

Mohamed Dilsad

Leave a Comment