ප්‍රමුඛ පුවත 1

පරිසරය රකින නීති ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීමට සියලු අංශ කැපවිය යුතු බව ජනපති අවධාරණය කරයි

(UTV| කොළඹ)  – පරිසරය රකින නීති සහ පරිසරය වෙනුවෙන් ගෙන ඇති ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමට කැපවීම, රට ගොඩනැඟීමට සැබෑ වුවමනාවක් ඇති සහ රටේත් ජනතාවගේත් යහපත ප‍්‍රාර්ථනා කරන සියලු දේශපාලනඥයන්ගේ මෙන් ම නිලධාරින්ගේ වගකීම බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ දී ඊයේ (06) පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.

ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමී ව ‘තිරසර වන කළමනාකරණය තුළින් වායු දූෂණය අවම කිරීම’ යන තේමාව යටතේ සැමරුම් උලෙළ සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට ලෝකය මුහුණ දී ඇති පාරිසරික අභියෝග හමුවේ පරිසරය රැක ගැනීමට සියලුදෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි.

පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් නීති රැසක් පරිසර අමාත්‍යවරයා ලෙස තමා හඳුන්වා දී තිබෙන අතර ඒවා කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රගතිය පිළිබඳ සතුටට පත්විය නොහැකි බව පැවසු ජනාධිපතිවරයා පොලිතින් තහනම ඇතුළුව පරිසරය වෙනුවෙන් ගත් එම තීන්දු තීරණ වඩා ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීමට කැපවීම රටේ මතු පරපුර වෙනුවෙන් සියලුදෙනා ඉටුකරන වගකීමක් බව ද කියා සිටියේය.

මේ අතර ගස් කපන යන්ත‍්‍ර හෙවත් චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමා මේ වන විට උපදෙස් දී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා වඩු මඩු අලුතින් ලියපාදිංචිය නතර කිරීමටත්, ලී මෝල් හිමියන් වෙනත් ව්‍යාපාර අංශ කෙරෙහි යොමු කීරමේ වැඩපිළිවෙළකට එළැඹීමටත් උපදෙස් දී තිබෙන බව ද කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

Mohamed Dilsad

ලූටන් ගුවන් තොටුපලේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික04දෙනා මුදා හැරේ

Mohamed Dilsad

වීදි සලකුණු විනාශ කරන්නන්ට දඬුවම්

Mohamed Dilsad

Leave a Comment