විදෙස්

ගගන මධ්‍යස්ථානයේ මාසයක චාරිකාවකට පුරවැසියන්ටත් අවස්ථාව

(UTV | කොළඹ) – අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානයේ මාසයක නවාතැන් චාරිකාවක් සඳහා පෞද්ගලික පුරවැසියන්ට ද අවස්ථාවක් ලබාදෙන බව ඇමරිකානු නාසා ආයතනය ඊයේ (07) ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය සංචාරකයන් සහ පෞද්ගලික අභිලාශයන් සඳහා යොදා නොගැනීමේ දිගුකාලීන ප්‍රතිපත්තිය වෙනස් කිරීමක් ලෙස සැලකෙයි.

ඒ අනුව බෝයිං සහ එලොන් මස්ක් ගේ ස්පේස් – එක්ස් එක්ව සංවර්ධනය කරනු ලබන අභ්‍යාවකාශ යානයකින් අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය වෙත සංචාරකයන් රැගෙන යාමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික සංචාරකයන් සඳහා අභ්‍යාවකාශ චාරිකා 2020 සිටම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එහිදී එම සංචාරකයෙකුගෙන් එක් රැයකට ඇමරිකානු ඩොලර් 35,000ක් අය කෙරෙන අතර මාසයක් සඳහා මුළු චාරිකාවේ වියදම ඩොලර් මිලියන 50 ඉක්ම වනු ඇත.

Related posts

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

Mohamed Dilsad

රටවල් දෙකක් වැනසූ භූ කම්පනය – මරණ ගණන 40,000ට ආසන්න වෙයි

Mohamed Dilsad

ඉන්දියාව සඳ තරණයට සුදානමින්

Mohamed Dilsad

Leave a Comment