ප්‍රමුඛ පුවත 1

ඉන්දීය අගමැති අද දිවයිනට

(UTV|කොළඹ ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ අනුව අග්‍රාමාත්‍ය මෝදි පිලිගැනීමේ උත්සවය අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයින්ගේ නිල හමුවකද පැවැත්වේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමට ද නියමිතය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක්වූයේ ද ජනාධිපතිවරයා සමග වන අතර, එහිදී කළ නිල ආරාධනයට අනුව ඔහු මෙරට සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව මෙරට සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභය මැද පෙළ සිටි හමුදා නිලධාරියෙක් පමණයි [VIDEO]

Mohamed Dilsad

රජයේ සේවකයින් පිරිසක් අද විරෝධතාවයක

Mohamed Dilsad

මනාප අංක ගැසට් නිවේදනය නිකුත් වෙයි.

Mohamed Dilsad

Leave a Comment