ප්‍රමුඛ පුවත 1

දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපතිහිමියන්ගෙන් කප්පම් ඉල්ලූ පිරිසක් අත්අඩංගුවේ

(UTV|දඹුල්ල)  – දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10ක මුදලක් බලෙන් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනේ.

පසුගිය මැයි 21වනදා උන්වහන්සේට ජවාඩ් සංවිධානය නමින් දුරකථන ඇමතුමක් ලබා දී මරණ තර්ජන එල්ල කරමින් කෝටි 10ක කප්පම් මුදල ඉල්ලා ඇති මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් දඹුල්ල පොලීයිය විමර්ශන ආරම්භ කොට ඇත.

ඒ අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් විසින් අපරාධයට යොදාගත් බව කියන ජංගම දුරකථන 3ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

ඔවුන් වයස අවුරුදු 16, 25, 34 වයස්වල පසුවන්නන් බව අනාවරණය වී ඇත.

දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ආහාර දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මෙතෙක් හෙළි නොකළ ඉන්ධන් මිල සුත්‍රය මෙන්න

Mohamed Dilsad

පාන් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment