ප්‍රමුඛ පුවත 1

මඩකළපුවෙන් තහනම් ධීවර දැල් 106 ක් සොයා ගැනේ.

(UTV| කොළඹ) – මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100ක් දිගැති තහනම් ධීවර දැල් 106ක් සොයා ගැනීමට නාවික හමුදා නිලධාරීන් පිරිසක් ඊයේ (09)  සමත් විය.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික නිලධාරීන් පිරිසක් විසින් ඊයේ එම ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගය සොයා ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි විමර්ශන සඳහා අදාල ධීවර දැල් මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

රුවන්වැලි මහා සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ කිසිදු සංවිධානයකට සම්බන්ධ නෑ – ඝෝටාභය රාජපක්ෂ

Mohamed Dilsad

Leave a Comment