ප්‍රමුඛ පුවත 1

ඉන්දියානු රජයෙන් ජල බවුසර් 08 ක් ශ්‍රී ලංකා රජයට

(උදයම්,කොළඹ) – වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සදහා ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කරන ලද ජල බවුසර් 08 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා විසින් එම ජල බවුසර්වලට අදාළ ලියකියවිලි සහ යතුරු සංකේතාත්මකව මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.

නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට නව එස්.එම්.එස් සේවාවක්

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 කට උසස් වීම්

Mohamed Dilsad

ගෝඨාභයගේ ජයග්‍රහණයට පාකිස්තානය සුබ පතයි

Mohamed Dilsad

Leave a Comment