ප්‍රමුඛ පුවත 1

රංජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාකරණයෙන් නීතිපතිට නියෝග

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෙවන පැමිණිල්ලට අදාළව අද (12) සිට මසක් ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන්, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියම කළේය.

ඉකුත් නොවැම්බර් මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා පළ කළ අදහස්වලින් ඒ මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව මෙම නඩුව ගොනු කර තිබුණි.

පැමිණිල්ල ජුලි මස 30 වනදා යළ කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාඨලීගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කථානායකගෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

අමිත් වීරසිංහ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා වැඩි කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment