ප්‍රමුඛ පුවත 1

බෝ ගසක අත්තක් කඩා වැටී ළමුන් පිරිසක් රෝහලේ

(UTV| කොළඹ) – බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුන් 5 දෙනෙක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

කුරුණෑගල,නාරම්මල, පහමුනේ ප්‍රදේශයේ පෙර පාසලක සිසුන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත.

අද(12) උදෑසන 9 ට පමණ පෙර පාසල ආසන්නයේ තිබු වසර 150ක් පමණ පැරණි බෝ ගසක අත්තක් විශාල හඬක් සමඟ මෙලෙස කඩා වැටී ඇති අතර එක් දරුවෙකු බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

අද උදෑසන පෙර පාසලේ පැවති සිල් සමාදන් වීමේ වැඩසහටහනකින් අනතුරුව මෙම අනතුර සිදුව තිබේ.

රෝහල් ගත කර ඇති සිසුන්ට ප්‍රතිකාර ලබා දෙන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසල මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් වඳ කළ බව කියන පුවත් ගැන CIDපරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment