ප්‍රමුඛ පුවත 1

ලුනාවේ ඇල මාර්ගවලට අප ජලය මුදාහරින බව කියන කර්මාන්ත ශාලා 8කට එරෙහිව නීතිමය පියවර

(උදයම්,මොරටුව)  – අවිධිමත් ලෙස ලුනාව කලපුවේ ඇල මාර්ගවලට අප ජලය මුදාහරින බව කියන කර්මාන්ත ශාලා 8කට පාරිසරික තත්ව විශ්ලේෂණ සහතිකය ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙයි.

මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පැවසුවේ එම සහතිකයෙන් පාරිසරික නිති උල්ලංගනය වී  ඇති බව තහවුරු වුවහොත් එම එම කර්මාන්තශාලා හිමියන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවය.

පසුගිය දින කිහිපය පුරා පරිසරයට හානි වන ආකාරයට පවත්වාගෙන යන කර්මාන්ත ශාලා පරික්ෂා කළ බව කියන මාලින්ද මහතා අපජලය නියම තත්ව සහතිකයට අනුකූල නොවන ආකාරයට කලපුවට මුදා හැරීම නිසා එහි ජලය දුෂණය වී ඇති බව ද පවසයි.

ඉතා සූක්ෂම ආකාරයට කලපුවට මුදාහැරෙන අප ජලයේ ඇති රසායනික සංයෝග හේතුවෙන්  මත්ස්‍ය සම්පතද වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව ද ඒ මහතා කියයි

Related posts

කොරෝනා රෝගයෙන් ලොව පුරා මිය ගිය ගණන හෙළි කරයි

Mohamed Dilsad

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවේ – ඇමති අමරවීර

Mohamed Dilsad

ග‍්‍රෑන්ඞ්පාස් වෙඩි තැබීමට සම්බන්ධ කතක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment