ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකම වැසි සමඟ තද සුළං

(UTV| කොළඹ) – දිවයින හරහා, බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අනුරාධපුර, යාපනය, මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි.

තවද උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාතාල නායකයින්ට ලබාදීමට ගෙන ගිය ජංගම දුරකථන සොයා ගත් නිලධාරීන් ඇගයේ [VIDEO]

Mohamed Dilsad

ඝාතනය වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව අපරාධ විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment