විදෙස්

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ලැප් ටොප් තහනමට හේතුව

(උදයම්,ඇමෙරිකාව)  – IS ත්‍රස්ත තර්ජනයක් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන් සඳහා ලැප්ටොප් පරිගණක තහනම් කර ඇති බව හෙළිවෙයි.

ඊයේ (21) ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන්ට ලැප්ටොප් පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණ රැගෙන යාම තහනම් කෙරුණි.

දෙරටේ බුද්ධි අංශයේ රහසිගත වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ ලැප්ටොප් පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ හරහා ගුවන් යානා තුලට බෝම්බ රැගෙන යාමේ අවධානමක් පවතින බවය.

IS ත්‍රස්ත සංවිධානය උඩු ගුවනේදී ගුවන් යානා පිපිරවීමක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බවටද තොරතුරු ලැබී තිබේ.

මේ හේතුවෙන් ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඉදිරියේදී තවත් තීරණ කිහිපයකට අවතීර්ණ වීමට සැරසෙන බවට විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

Related posts

නව කොරෝනා රැල්ල හේතුවෙන් ඉතාලිය යළිත් වැසෙයි

Mohamed Dilsad

ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්

Editor O

එන්නත ප්‍රතික්ෂේප කළොත් සිරගෙට

Mohamed Dilsad

Leave a Comment