ප්‍රමුඛ පුවත 1

ක්ෂේත්‍ර 14 ක් යටතේ ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14 ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට දිනයේ (19) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ජපානයේදී අත්සන් තැබීමට නියමිතය.

මෙම ගිවිසුම වසර 10 ක කාලයක් ක්‍රියාත්මක වන අතර එම කාලය තුලදී රැකියා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින්ට හිමිවීමට නියමිතයි.

ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 09 ක් සදහා ලබාදෙන අතර ඉන් 07 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයක්.

මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධීවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය සහ ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා උදාවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කර සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයි

Mohamed Dilsad

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ප්‍රථම මාධ්‍ය හමුව අද

Mohamed Dilsad

වැසි තත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

Leave a Comment