ප්‍රමුඛ පුවත 1

දුම්රිය වෘත්තිය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

(UTV| කොළඹ)  – දුම්රිය වෘත්තිය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක නිරතවේ.

ඒ මුදල් අමාත්‍යවරයා සමඟය.

අද(20) පස්වරුවේ පැවැත්වේ මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යවරයාද එක්වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසීය.

වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තිය සමිති ඊයේ(19)මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමටයි නියමිතව තිිබුණි.

මෙම අර්ජනයට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනයට එක්වීමට නියමිතව තිබූ අතර, අද පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් අනිවාර්යයෙන් වර්ජන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසීය.

කෙසේ වෙතත් පසුව ප්‍රවාහන අමාත්‍යවරයා සිදුකළ ඉල්ලීමකට අනුව අද පස්වරු දෙක දක්වා එම වර්ජනය තාවකාලිකව කල් දැමීමටයි ඔවුන් තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සැපයුම බිඳ වැටී තිබු ප්‍රදේශ රැසකට යළිත් විදුලිය

Mohamed Dilsad

ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වූ ජාත්‍යන්තර සමුළුව අද

Mohamed Dilsad

Leave a Comment