ප්‍රමුඛ පුවත 1

පසුගිය වසර දහයේදී ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 27,161ක්

(UTV| කොළඹ) – වසරකදී ශ්‍රී ලංකාවේ ලක්ෂයකට පහලොස් දෙනකු ආසන්න වශයෙන් රිය අනතුරුවලින් මිය යන බව ප්‍රවාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එම රිය අනතුරු මරණවලට බොහෝ විට හේතු වී ඇත්තේ ප්‍රවාහන විනය නොමැති නිසා බැවින් තම ධුර කාලයේදී ප්‍රවාහන විනය ඇති කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියි.

ඒ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට අද උදෑසන (19) එක් වෙමිනි. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මරදාන පරිශ්‍රයේ පැවැති එම උත්සවයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ විවිධ බාධා සහ අභියෝග පැමිණියත් ප්‍රවාහන විනය සැදීමට ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගැනීමට තමන් කිසිවිටක පසුබට නොවන බවයි.

“සෑම වසරකම ලෝකයේ මිලියන 1යි දශම 5ක් රිය අනතුරුවලින් මිය  යනවා. මිලියන 30ත් 40ත් අතර ප්‍රමාණයක් රිය අනතුරුවලින් තුවාල ලබනවා. මෙයින් රිය අනතුරු මරණ ගත් විට එයින් සියයට අනූවක්ම මිය යන්නේ පහළ සහ මධ්‍යම ආදයම් සහිත රටවල මිනිස්සු. එමෙන්ම වැඩිම සංඛ්‍යාවක් මිය යන්නේ වයස 5ත් 29ත් අතර පසුව අය.ඒ වගේම සියයට 73කට වඩා පරිමි තරුණයින්.  ඒ කියන්නේ රටක ජීවනාලිය තමයි රිය අනතුරුවලින් රටකට අහිමි වෙන්නේ.රිය අනතුරු බරපතල ඛෙදවාචකයක් වන්නේ මේ නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව Road traffic death rate හෙවත් රිය අනතුරු දර්ශකය අනුව වාර්ෂිකව ලෝකයේ රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මිය යන රට වන්නේ ලිබියාව”.

එහි අගය මිනිස්සු ලක්ෂයකට 35.9ක්. අඩුම අගය තියෙන්නේ සැන් මැරිනෝ රාජ්‍යයේ. එය බින්දුවක්. ලංකාවේ එම දර්ශකයේ අගය වන්නේ ලක්ෂයකට 14.9ක්. ඒ කියන්නේ රිය අනතුරු නැති අංශයෙන් සැන් මැරිනෝ රාජ්‍ය වගේ තත්ත්වයකට පත් වෙන්න තවත් රටවල් 79ක් පසුකර ඉදිරියට ඒම කළ යුතු වනවා. එය පහසු කටයුත්තක් නෙමෙයි. නමුත් ඒ අභියෝගය අපි රට වෙනුවෙන් ඉටු කළ යුතු වනවා. ඒ සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඉදිරියේදී කොමිසම් සභාවක් බවට පත් කිරීමට දැනටමත් කටයුතු කර තිබෙනවා. එම කොමිසම් සභාව පිහිටු වීමෙන් පසුව රටේ ප්‍රවාහන විනය සෑදීමේ කටයුතු වේගවත් වනු ඇතැයිද මම විශ්වාස කරනවා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වෙබ් අඩවියේ සංඛ්‍යා ලේඛන අනුව අසල්වැසි ඉන්දියාවේ වාර්ෂිකව රිය අනතුරුවලින් ලක්ෂයකට මිය යන සංඛ්‍යාව 22.6ක්. වාර්ෂිකව ලක්ෂයකට හතරකට වඩා අඩුවෙන් මිය යන රටවල් වන්නේ පිළිවෙලින් ඩෙන්මාර්කය – 4, නෙදර්ලන්තය 3.8, එක්සත් රාජධානිය – 3.1, සිංගප්පූරුව 2.8, ස්වීඩන් 2.8, ස්විට්සර්ලන්තය 2.7, නෝර්වේ 2.7, මාලදිවයින 0.9, සැන් මැරිනෝ රාජ්‍ය – 0 ක් වශයෙනි. ශ්‍රී ලංකාවේ පසුගිය වසර දහයේදී රිය අනතුරුවලින්  මිය ගිය සංඛ්‍යාව 27161 ක් වේ. 2018 වසරේදී මිය ගිය සංඛ්‍යාව 3113ක්’

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂ නායකගේ පැමිණීම

Mohamed Dilsad

පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට..

Mohamed Dilsad

ගල්, වැලි සහ පස් බලපත්‍ර ක්‍රමය අහෝසි කෙරේ

Mohamed Dilsad

Leave a Comment