ප්‍රමුඛ පුවත 1

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්තාන් වල නොසන්සුන්තාවයක්

(UTV| කොළඹ)  – කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල නොසන්සුන්තාවක් පවතින බව වාර්තාවේ.

ඒ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය වාර කිහිපයක් අවලංගු කර තිබීම නිසා මගීන් ප්‍රකෝපවීම හේතුවෙනි.

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුනද පස්වරු 7 පමණ සිට දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් මෙලෙස මගීන් ප්‍රකෝපවී තිබේ.

කොටුව දුම්රිය ස්ථානයට පැමිණි ඇතැම් මඟීන් එහි දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ගොස් සිය විරෝධය පළ කළහ.

රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ද අවලංගු කර ඇති බව පාලක මැදිරිය පැවසීය.

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

වැටුප් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 20ක දුම්වැටි අල්ලයි

Mohamed Dilsad

පරීක්ෂණ මෙහෙය වූවන්ට විදෙස් ගතවීමට සිදුවේ [VIDEO]

Mohamed Dilsad

රෝයල් පාර්ක් මිනීමැරුමේ වරදකරුට එරෙහි නඩුව සලකා බැලීම අද

Mohamed Dilsad

Leave a Comment