ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් විමල් වීරවංශට අභියෝගයක්

(UTV| කොළඹ) –  පසුගිය පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේදී දෙමටගොඩ ප්‍රදේශයේදී නිවසකදී මරාගෙන මැරුණු තැනැත්තිය තමාගේ මවගේ සහෝදරයාගේ දියණිය බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් තමා ත්‍රස්තවාදය හා සම්බන්ධකරමින් පසුගිය දහ අට වැනි දින (18) පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය මුලුමනින්ම අසත්‍ය චෝදනාවක් බවත් ඔහුට හැකිනම් එම චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙසටත් තමා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුටත් පවසන්නේ එලෙස මෙම ප්‍රකාශය ඔප්පු කලහොත් තමා පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් සමුගන්නා බවයි, එලෙසම මෙය ඔප්පු කිරීමට විමල් වීරවංශ මන්ත්‍රීවරයාට නොහැකි වුවහොත් ඔහු දේශපාලනයෙන් සමුගනීවි යැයි තමා විශ්වාස කරන බව රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් මහතා ,

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම අදහස් ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුවේ නිදහස තියෙනවා. ඒත් චරිත ඝාතනය කරමින් ජාතීන් අතර වෛරය ක්‍රෝධය පැතිරවීම සිදුකරන අසත්‍ය ප්‍රකාශ කිරීම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට අගෞරවය කිරීමක්.
ජාතීන් අතර අසමගිය ඇතිකිරීම සදහා සිදුකරගෙන යන මෙම කුජීත ක්‍රියාව මම තරයේ හෙලා දකිනවා. දේශපාලකයකුගේ වගකීම ජාතීන් අතර වෛරය ක්‍රෝධය ඇතිකර ඔවුන් අතර අසමගියක් වර්ධනය කර ඡන්ද පදනමක් ගොඩනගාගැනීම නොවෙයි.
මෙවැනි අවස්ථාවක රටට හිතකාමී දේශපාලනඥයකුගේ ප්‍රධාන වගකීම වන්නේ ජාතීන් අතර සමගිය හා සහජීවනය ගොඩනැගීම උදෙසා වැඩකටයුතු කිරීමයි.

මෙවැනි වෛරී ප්‍රකාශන නිසා මා ඇතුලු මගේ පාක්ෂිකයින් ඥාතීන් ඇතුලු පිරිස දැඩි පීඩනයට පත්වෙනවා. අපිට අවශ්‍ය මේ පුන්චි රටේ සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වෙන්න. කිසිදිනක අපි ත්‍රස්තවාදීන්ට උදව් කරලා නැහැ. කරන්නෙත් නැහැ. සියලුම ආගම්වල දර්ශනය අනුව කවදාහරි සත්‍යම ජයගන්නවා කියනකතාව මම අවසානයේ මේ අයට කියන්න කැමතියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරිමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන 17 වැනිදා අවසන්..

Mohamed Dilsad

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

Mohamed Dilsad

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට පත් වූවන්ට සහන – අපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Mohamed Dilsad

Leave a Comment