ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

(UTV| කොළඹ) – සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇතිවන බවත් බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

තවද වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇතිවිය හැකි අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැකි බවත් අකුණු  මඟින්  සිදුවන අනතුරු අවම කරගැනීමට    අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි ආපදාවන් සඳහා රුපියල් මිලියන 350ක උපකරණ බෙදා දෙයි

Mohamed Dilsad

කොරියානු විභාගයට අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment