ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට

(UTV|ත්‍රිකුණාමලය) – නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, බැක් බේ සහ උප්පාරු මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, බැක් බේ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි තහනම් ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඩීංගි යාත්‍රා 04 ක් සමඟින් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අත්අඩංගුවට ගත් යාත්‍රා 04 න් දෙකක් (02) එකම අංකයෙන් ලියාපදිංචි කර ඇති බව නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇත. එහිදි, ඔවුන් සතුව තිබී තහනම් ධීවර දැල් 02 සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 519 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

එමෙන්ම, එම විධානයටම අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් ත්‍රිකුණාමලය, උප්පාරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි තහනම් ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී. එහිදි, ඩිංගි යාත්‍රාවක්, තහනම් ධීවර දැලක් සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 261 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල්, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා චින වරාය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්කොළ සහ මධ්‍යසාර තොගයක් ගුවන්තොටුපලේදී අල්ලයි

Mohamed Dilsad

ජනපතිගේ නම අවභාවිතා කරන්නන්ට දඬුවම් [VIDEO]

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂට එරෙහි තහනම 28 වන දා කල් යයි

Mohamed Dilsad

Leave a Comment