ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවකයන්ගේ ඇදුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – පසුගිය මස 29 වනදා රාජ්‍ය නිළධාරින්ගේ ඇඳුම පිළිබද නිකුත් කර තිබූ චක්‍රලේඛය නව විධි විධාන ඇතුලත් කරමින්  යළි සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය පරිපාන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ යෝජනාවට අනුව අමාත්‍ය මන්ඩලය වෙත මෙය ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව රාජකාරී වේලාව තුල රාජ්‍ය නිළධාරින් සිය කාර්යාල පරිශ්‍රය තුලට පැමිණීමේදී පිරිමි නිළධාරින් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු බවත් නිළධාරිනියන් සාරිය / ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන අයුරින් සුදුසු සංවරශීලී ඇඳුමකින් සැරසී සිටිය යුතු බවත් යන විධි විධාන ඇතුලත් කරමින් චක්‍රලේඛය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කෙසේවෙතත් චක්‍රලේඛයට අන්තර්ගත විධි විධාන අතර නිළධාරිනියගේ මුහුණ සෑම විටම නිරාවරණය වී තිබිය යුතු අතර මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පනවා ඇති විධි විධානවලට බාධාවක් නොවන ඇඳුමක් විය යුතු බවද  සඳහන් වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

CID සහ AGD වගකියන ආයතන බවට පත්කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

පැහැය වෙනස් කළ පරිප්පු තොගයක් සොයා ගැනේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment