ප්‍රමුඛ පුවත 1

කළමැටිය ධීවර වරායේ ගින්න පිලිබදව  විශේෂ විමර්ශනයක්

කළමැටිය ධීවර වරායේ අද (26) අළුයම ඇතිවූ ගින්න පිලිබදව  විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරේ.

ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ නියමය පරිදිය.

මේ පිළිබද සොයාබැලීම සඳහා විශේෂ කණ්ඩායමක් කලමැටිය වෙත යැවීමටද රාජ්‍ය අමාත්‍යවරයා  පියවර ගෙන ඇත.

ගින්න ඇති වූ ආකාරය , සිදුව ඇති හානි , පිඩාවට පත් ධීවර ජනතාව සහ ලබාදිය යුතු කඩිනම් සහන පිළිබද එම විමර්ශකයින් වාර්තාවක් ලබා දීමට නියමිතය.

ගින්නෙන් පිඩාවට පත් සියළු ධීවරයන් සඳහා කඩිනම් සහන ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී බෝට්ටු 20 ක් ධීවර ආම්පන්න සමග සම්පුර්ණයෙන් විනාශවී ඇති බව පොලිසිය පවසයි.

සිදුව ඇති සමස්ත හානිය තවමත් ගණන් බලා නොමැත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

ජාතික නීති සතිය අද සිට

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයෙන් ත්‍රස්ත මර්ධන කණ්ඩාමක් එවයි

Mohamed Dilsad

Leave a Comment