ප්‍රමුඛ පුවත 1

හිටපු පොලිස්පති නාලක ද සිල්වාගේ නඩුව කල් යයි

(UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 02 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව මෙම නඩුව කැඳවේ.

මෙම සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව වැරදි සිදු කර ඇත්දැයි ද යන්න සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් ලබා ගැනීමට නඩුවේ උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයිද අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය හෙයින් නඩුව දීර්ඝ දිනයකින් කැඳවන ලෙස ඔහුගේ නීතීඥවරු කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජවිපෙ අලුත් පෙරමුණකින් ජනාධිපතිවරණයට

Mohamed Dilsad

කසුන් පලිසේනට සහ අර්ජුන ඇලෝසියස්ට ඇප

Mohamed Dilsad

හඳුනා ගත නොහැකි හැදුනුම්පත් සඳහා මැතිවරණයට තාවකාලික හැදුනුම්පත්

Mohamed Dilsad

Leave a Comment