ප්‍රමුඛ පුවත 1

රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙලක් – ජනපති

(UTV| කොළඹ) – මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇති වන වෛරී ප‍්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා කි‍්‍රයාත්මක කර තිබෙන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මුස්ලිම් රටවල් එකමුතුවේ සාමාජිකත්වය ලබා සිටින මුස්ලිම් රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු සමග ඊයේ (26) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව, ශ‍්‍රී ලංකාවට මෙම රටවල් ලබාදුන් සහයෝගය සහ දායකත්වය පිළිබඳව තානාපතිවරුන්ට ස්තූතිය පුද කළ ජනාධිපතිතුමා ඉදිරියටත් රටට ආර්ථික ආධාර අඛණ්ඩව ලබාදෙන ලෙසත්, ශ‍්‍රී ලංකාවට පැමිණිමේ දී සංචාරකයන්ට පනවා තිබෙන බාධා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ත‍්‍රස්තවාදී කටයුතු හමුවේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් සිදුකළ සාර්ථක මෙහෙයුම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා එම කටයුතු සඳහා සියලුදෙනා දැක්වූ සහය පිළිබඳව ද තම ස්තූතිය පුද කළේය.

මෙහිදී අදහස් දැක්වූ තානාපතිවරු සහ මහකොමසාරිස්වරු කියා සිටියේ කුමන තැනක වුවද ත‍්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකින බවයි.

තුර්කිය, මැලේසියාව, පකිස්ථානය, එක්සත් අරාබි රාජ්‍යය, ඇෆ්ගනිස්ථානය, ඉන්දුනිසියාව, සවුදි අරාබිය, පලස්තීනය, බංග්ලාදේශය, කුවේට්, කටාර්, මාලදිවයින, ඉරාකය, ලිබියාව, ඉරානය සහ ඕමානය යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මීට එක්ව සිටියහ.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාවනැල්ලේ තට්ටු ගොඩනැගිල්ලක ගින්නක් හට ගනී.

Mohamed Dilsad

වී මිල ඉහල දැමිමට අගමැති කැමැත්ත පල කරයි

Mohamed Dilsad

කටුනායකින් ස්වර්ණාභරණ තොගයක් රැගෙනයාමට උත්සහ කල පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment