ප්‍රමුඛ පුවත 1

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත මුදාහැරේ

(UTV| කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය තොරතුරු වසන් කිරීමට හිටපු හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට අධි චෝදනා භාරදී ඇප මත මුදා හැර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ මෙම අධිචෝදනා බාරදෙනු ලැබීය.

විත්තිකාර අනුර සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියම කළේය.

එමෙන්ම විත්තිකාර අනුර සේනානායක මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපය මහාධිකරණයේ ඇපයක් වශයෙන් භාර ගැනීමට ද විනිසුරුවරයා අවසර දුන්නේය.

විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරන බවත් විනිසුරුවරයා තවත් කොන්දේසියක් පනවනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධී විදෙස් මුදල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදූව පිවිසුම් යටවෙයි

Mohamed Dilsad

Leave a Comment