ව්‍යාපාරික

Airtel වෙතින් නව පෙරළියක්

(UTV| කොළඹ)  – Airtel lanka සමාගම අසීමිතව ඇමතුම් ලබාගත හැකි නව පැකේජයක් පසුගියදා හදුන්වා දෙනු ලැබීය. රුපියල් 98කට පිරිනැමෙන මෙම පැකේජය, පාරිභෝගිකයන් අතර දැඩි ආකර්ශනයක් ඇතිකරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Airtel විසින් මෙම සීමා රහිත ඇමතුම් පැකේජය මගින් සිය පාරිභෝගිකයින්ට අදහාගත නොහැකි වාසියක් පිරිනමා තිබේ.

‘කතා බස්‘ යනුවෙන් නම්කර ඇති මෙම නව පැකේජය Airtel සමාගමේ පෙරගෙවුම් සම්බන්ධතා තවදුරටත් සරල කරන අතරම දැරිය හැකි මිල, පහසුබව හා සරලභාවය යන පාරිභෝගික අවශ්‍යතා මැනවින් සපුරාලයි. රුපියල් 98කට දින 30ක කාලයක් වලංගු මෙම ‘රීචාර්ජ්‘ පැකේජය වර්තමානයේ බොහෝ අතවශ්‍ය දේ සඳහා වැයවන මිල හා සැසඳීමේදී බොහෝ පහසුවෙන් දරාගත හැකි අගනා සේවාවකි.

Bharati Airtel Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා කළමණාකාර අධ්‍යක්ෂ Jinesh Hegde මහතා අදහස් දක්වමින් කියා සිටියේ “අපගේ පාරිභෝගිකයන් නොබිඳුනු සබඳතාවක් බලාපොරොත්තු වෙන්නෙ ඔවුන්ගේ කාර්යබහුල ජීවන රටාවට සහයක් ලබාදීමටයි. මෙම විප්ලවීය රීචාර්ජ් පැකේජය ඇත්තවශයෙන්ම සැලසුම් කරලා තියෙන්නෙ පාරිභෝගික අත්දැකීම් සරල කරන්න වගේම සෑම කෙනෙක්ටම වැඩි යමක් ලබාදෙන්නයි. මුදල් ඉතිරි කිරීමේ පරමාර්ථයෙන් පාරිභෝගිකයන්ට තවදුරටත් ඔවුන්ගේ දුරකථන ඇමතුම් අවම කිරීමට අවශ්‍ය නැහැ“ යනුවෙන් පැවසීය.

මෙම නව පැකේජය හඳුන්වාදීමත් සමඟ Airtel පාරිභෝගිකයන්ට තම ආදරණීයන් සම්පූර්ණයෙන්ම නොමිලේ ඇමතීමේ හැකියාව ලැබේ. දැරිය හැකි මිලකට හිමිවන මෙම පැකේජය නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබාගන්නා පාරිභෝගිකයන්ට අතිශයින් ගැලපෙන අතර පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමේ Airtel පොරොන්දු ඉටු කරමින්, පූර්ණ ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබාදෙමින් පාරිභෝගිකයන්ට සැමවිටම සම්බන්ධ වී සිටින්නට අවකාශය ලබාදී තිබේ.

අසීමිත දුරකථන ඇමතුම්වලට අමතරව දින 30ක කාලයක් වලංගු SMS 1000ක් හා 100 MB Data මෙම රීචාර්ජ් කාඩ්පත සමඟ හිමිවේ. පාරිභෝගිකයන්ගේ සියලූම ජංගම අවශ්‍යතා එකම පැකේජයක් හරහා ලබාගැනීමට හැකිවන පරිදි මෙම පැකේජය සැළසුම් කර ඇත. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඔවුන් වෙතට සමීප කරමින් හා පහසු සේවාවක් ලබාදීමේ පොරොන්දු ඉටුකරමින් Airtel lanka සමාගම බොහෝ නව්‍යකරණ විසඳුම් දියත් කරමින් සිය පාරිභෝගික කේන්ද්‍රී ප්‍රවේශයන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වෙයි.

facebook.com/airtellife/ වෙබ් අඩවියට පිවිසීමෙන් පාරිභෝගිකයන්ට නව සබඳතා සිම්කාඩ්පත පිළිබඳ විමසීමට හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක සහනදායී ණයක්

Mohamed Dilsad

එයාර්ටෙල් ලංකා මුළු දිවයිනම සුපිරි 4G තාක්ෂණයෙන් බලගැන්වීමට සූදානම්

Mohamed Dilsad

මැනිං වෙළඳපොළට එළවළු රැගෙන ඒම දින 3කට සීමා කිරීමට යයි

Mohamed Dilsad

Leave a Comment