ප්‍රමුඛ පුවත 1

ගැසට් නිවේදනය නොතකා දුම්රිය සේවකයින් වර්ජනයේ

(UTV| කොළඹ) – ගැසට් නිවේදනය නොතකා දුම්රිය සේවකයින් අද(28) දිනයේ වර්ජනයක නිරත වන බව වාර්තාවේ.

ඊයේ(27) මධ්‍යම රාත්‍රි යේ ආරම්භ කෙරුණු මෙම සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රිය අවසන් වන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය සතියේ පැවැතවූ  වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් සති පතා සංකේත වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කළේය.

එම ඉල්ලීම් වලට විසඳුම් ලබා දීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව රජය පවසයි.

මේ අතර දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව අද දිනයේ වර්ජකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

මේ අතර වර්ජනය පැවතිය ද මහනුවර, රඹුක්කන, මාතර, ගාල්ල, මහව, හලාවත සහ අවිස්සාවේල්ලේ සිට අද උදෑසන දුම්රිය 7ක් කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට පියවර ගත් බව දුම්රිය ගමනා ගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සතියේ දිනයකදී දුම්රිය කාල සටහන් අනුව උදෑසන දුම්රිය ගමන්වාර 48 ක් ධාවනය කළ යුතුව තිබුණ ද වර්ජනය හේතුවෙන් එය 7 කට සීමා කිරිමට සිදු වූ බව ය.

මේ අතර, විශ්‍රාමික නිලධාරීන්ගේ දායකත්වය ලබා ගනිමින් අද පස්වරුවේ වැඩි දුම්රිය වාර සංඛ්‍යාවක් ධාවනය කිරිමට සැලසුම් කර ඇති බව ද දුම්රිය ගමනාගමන අධිකාරිවරයා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

වෙන්නප්පුවේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

Mohamed Dilsad

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment