ප්‍රමුඛ පුවත 1

ජාතික අනතුරු නිවාරණය සතිය ජූලි 01 ක්‍රියාත්මකයි

ජාතික අනතුරු නිවාරණය සතිය ජූලි 01 සිට ජූලි 05 දා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදි ඇති බව වැඩ බලන සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්මාල් ගම්ලත් මහතා ඊයේ (27‍්) සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශය දි පැවැති මාධ්‍ය හමුවක දි පවසයි.

ඔහු වැඩි දුරටත් පැවසුවේ ශ්‍රි ලංකාවේ වාර්ෂිකව සිදු වන මිලියනයක් පමණ රෝහල් ගත වීම් මෙන්ම ආබාධ තත්ත්වයට පත්විම සඳහාත් අනතුරු ප්‍රධානතම හේතුව බවයි.

හදිසි අනතුරු ලෙසින් මාර්ග අනතුරු පමණක් නොව එය වැටිම්, සතුන් සපාකැම්,මාර්ග අනතුරු,යම් වස්තුවක් ගැවිම,කැපිම්,විෂවිම්,සත්ත්ව දෂ්ඨ කිරිම් යනාදිය ද අනතුරු ලෙසින් දැක්විය හැක.

තවද ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ විෂ වෛද්‍ය සමන්ත ලියනගේ මහතා පැවසුවේ අනතුරු විම් විෂ මගින් දි සිදු වන බවයි.

මෙම තත්ත්වය අවම කිරිමේ අරමුණින් මෙම වැඩසටහන් ජූලි 01 සිට ජූලි 05 දා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජුලි 01 දා – මාර්ග අනතුරු වැළැක්විමේ දිනය
ජුලි 02 දා – සේවා ස්ථානයන් හී අනතුරු වැළැත්ව්මේ දිනය
ජුලි 03 දා – නිවාස හා වැඩිහිටි නිවාසවල දි සිදුවන අනතුරු වැළැක්විමේ දිනය
ජුලි 04 දා – පෙර පාසල් හි අනතුරු වැළැක්විමේ දිනය
ජුලි 05 දා – පාසල් තුළ දි සිදු වන අනතුරු අවම කිරිම සඳහා දිනය

මෙහිදී අදහස් දැක්වූ රථවාහන මුලස්ථානයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක කිත්සිරි කුමාර මහතා ප්‍රකාශ කළේ  නීතිරිති ප්‍රමාණයටත් වඩා පැවතිය ද එය පිළිපැදිය යුතු අතර රට තුළ වැඩි ම අනතුරු ප්‍රමාණයක් සිදු වන්නේ යතුරු පැදි වලින් බවයි.

 

Related posts

2019 අවසාන අර්ධ චන්ද්‍රග්‍රහණය අදයි

Mohamed Dilsad

සන්සුන්ව ඉවසීමෙන් සිට ආරක්‍ෂක අංශ වෙත සහයෝගය දෙන්න -අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතුයි

Mohamed Dilsad

Leave a Comment