ප්‍රමුඛ පුවත 1

උදය ගම්මන්පිල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

ඒ, මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඔහු සතුව ඇති සාක්ෂි සහ තොරතුරු පිළිබදව ප්‍රකාශ ලබා ගැනීම සදහායි.

2015 – 2018 රාජ්‍ය ආයතනවල සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන මෙම කොමිසම හමුවේ ලබන 11 වනදා පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දන්වා තිබේ.

ඊයේ මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් සාක්ෂි ලබාදුන් අතර , එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ තමන් සිදුකළ පැමිණිල්ලට අදාළව වැඩිදුර තොරතුරු උදය ගම්මන්පිල මහතා සතුව පවතින බවයි.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා කොමිසම හමුවට කැදවා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස තිනියාවල පාලිත හිමියන් ඉල්ලීමක් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රමාද වැළැක්වීමට කඩිනම් පියවර

Mohamed Dilsad

සජිත් වෙනුවෙන් ඉටුකළ හැකි යුතුකම් ගැන තුෂාර කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment