ප්‍රමුඛ පුවත 1

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාගේ නඩුවෙන් විනිසුරු සිසිර ද ආබෲ ඉවත් වෙයි

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සලකා බැලීම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී එම පැමිණිල්ල සලකා බැලීම නැවත සැප්තැම්බර් මස 30 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (28) සලකා ලැබුණේ සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.

එහිදී විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර ඇත්තේ තමා මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ඉවත්වන බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල සලකා බැලීම සැප්තැම්බර් මස 30 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

පසුගිය දෙසැම්බර් මස තුන්වනදා මරදාන ප්‍රදේශයේ පැවති මහජන රැළියකදී කරුණු දැක්වූ හිටපු අගවිනිසුරු සරත්. එන් .සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව දැක්වූ අදහස් තුලින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුද මීට පෙර මෙම පැමිණිල්ල සලකා බැලිමේ කටයුතු වලින් ඉවත් වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

Mohamed Dilsad

ඇමති තලතා වත්මන් අධ්‍යාපනය ගැන කියයි

Mohamed Dilsad

නීතිය, පාසල් විෂය පථයට – අධිකරණ ඇමති

Mohamed Dilsad

Leave a Comment