ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම ගැන අධිකරණයට පොරොන්දුවක්

(UTV| කොළඹ) – අද(28) දින සිට සතියක කාලය තුළ බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවකු මරණීය දණ්ඩනය ලබා නොදෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වෙයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාලින්ද සෙනෙවිරත්න නැමැත්තෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් මත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ ඩබ්.තෙන්නකෝන් මහතා අද අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගෙන් විමසා සිටියේ ඉදිරි දින 4 තුළ කිසියම් හෝ විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් කිරීමේ සූදානම් තිබෙනවා ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එවැනි ආකාරයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන මෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබි නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මිහින්ලංකා ගැන සොයන්න කොමිසමක්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

අගමැති අද ආසියාන් සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment